Home දේශීය පුවත් උණුසුම් පුවත් ගෙවුණු මාස තුනට මහමග රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 18ක් මරුට

ගෙවුණු මාස තුනට මහමග රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 18ක් මරුට

0
ගෙවුණු මාස තුනට මහමග  රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 18ක් මරුට

මේ වසරේ මේ දක්වා කාලය තුළ මාර්ගයේ රාජකාරි කරමින් සිටියදී පොලිස් නිලධාරින් 72 නෙකු අනතුරට ලක්වී ඇති අතර ඉන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

පසුගිය වසර තුළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 293ක් අනතුරට ලක්ව ඇති බව ඇතිබව අමාත්‍යවරයා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන් 28 දෙනෙකු මියගොස් තිබේ.

එබැවින් පොලිස් නිලධාරින් කටයුතු කරනුයේ දැඩි පීඩනයක වන නමුත් කුමන තත්වයක් යටතේ වුවත් පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයෙකුට පහර දීමේ හැකියාවක් නැතැයි ඔහු කීය.

සමාජයේ දැඩි විවේචනයට ලක්වූ පන්නිපිටියේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ කිසිදු පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දීමේ අයිතියක් නැති බවය.

එබැවින් එම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here