Home COVID 12 ත් 15 අතර දරුවන්ටත් ෆයිසර් අනුමතයි

12 ත් 15 අතර දරුවන්ටත් ෆයිසර් අනුමතයි

0
12 ත් 15 අතර දරුවන්ටත් ෆයිසර් අනුමතයි

ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන සියලු දරුවන් සඳහා ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවද හේමන්ත හේරත් මහතා පවසයි.

අවුරුදු 12 ත් 15 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පමණක් මීට පෙර ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා දුන්නේ ය.

හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here