Home උණුසුම් පුවත් රණවිරු පවුල් 9 කට බලංගොඩින් ඉඩම්

රණවිරු පවුල් 9 කට බලංගොඩින් ඉඩම්

රණවිරු පවුල් 9 කට බලංගොඩින් ඉඩම්

ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන එල්. කේ. කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රූඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි නමයක් ආබාධිත රණවිරුවන් 8 දෙනෙකුට සහ මියගිය රණවිරුවෙකුගේ මවකට ලබා දීම සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී ඊයේ (12) සිදුකරන ලදී.

මෙහිදී සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ ප්‍රදේශයේ, මැදකොරලේ හෙල උඩපත්තුවේ, අංක 254, පහල මස්සැන්න බලංගොඩ ග්‍රාම සේවා වසම තුල පිහිටි අබේසිංහ හේන හෙවත් විලේගොඩ කෑල්ල ඉඩම ( රූඩ් දෙකයි පර්චස් 38 ක) තාවකාලිත බලපත්‍ර මගින් පදිංචිය සඳහා රණවිරු පවුල් නමයක් සඳහා ලබාදී තිබුණි.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව පහත සඳහන් රණවිරු පවුල් 09 සඳහා සින්නක්කර ඔප්පු අත්සන් කිරීමෙන් අනතුරුව පවරා දීමේ කටයුතු නුදුරේදී සිදු කිරීමට නියමිතය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර විසින් මෙම ඔප්පු සදහා නිළ වශයෙන් අත්සන යොදා සහතික කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here