Home දේශීය පුවත් එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

0
එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

කොළඹ වරාය සීමාවේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සහ එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීමට දෙසැම්බර් මස 01 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම් කැදවනු ලැබීය.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here