Home උණුසුම් පුවත් ඉන්දීය යුද නෞකා 6ක් කොළඹට සහ ත්‍රි’මලේට

ඉන්දීය යුද නෞකා 6ක් කොළඹට සහ ත්‍රි’මලේට

ඉන්දීය යුද නෞකා 6ක් කොළඹට සහ ත්‍රි’මලේට

ඉන්දීය යුද යාත්‍රා 6ක් සිව්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. මගර්, ෂාර්දුල් නෞකා කොළඹට පැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම සුජාතා, තරංගිනී, සුදර්ශිනී නෞකා සහ වෙරළාරක්ෂක නෞකාවක් වන වික්‍රම් ත්‍රිකුණාමල වරායට පැමිණේ.

ඉන්දියාවේ 100 සහ 101 වන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාස සඳහා නාවිකයින් විදේශවල යෙදවීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම නෞකා දිවයිනට පැමිණ ඇත.

ඉන්දු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මෙම යෙදවීම ඉලක්ක කර ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ විවිධ රටවල සමාජ-දේශපාලන හා සාගර අංශය පිළිබඳ පුළුල් අවබෝධතාව තුළින් තරුණ නිලධාරීන්ගේ සහ නිලධාරින්-පුහුණුවන්නන්ගේ සීමාවන් පුළුල් කිරීමයි. මුහුදේ විවිධ පරිණාමයන් තුළ ඉන්දියානු යුධ නැව් මෙහෙයවීම, වරාය හුරුපුරුදු කිරීම සහ සියල්ලටම වඩා විදේශීය ජාතීන් සමඟ මිත්‍රත්වයේ පාලම් ගොඩනැංවීම සඳහා නෞකාවේ සිටින අභ්‍යාසලාභීන් අධ්‍ය්‍යනය හා පුහුණු කරවීම මෙමගින් සිදුකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here