Home දේශීය පුවත් චීන පොහොර නැවට කොළඹ වරායට ඇතුළුවීම තහනම්

චීන පොහොර නැවට කොළඹ වරායට ඇතුළුවීම තහනම්

0
චීන පොහොර නැවට කොළඹ වරායට ඇතුළුවීම තහනම්

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාව වරාය පරීශ්‍රයට ඇතුළුවීම වළක්වන ලෙස සියළුම අංශවලට හාබර් මාස්ටර් නිර්මාල්ද සිල්වා මහතා දැනුම් දී තිබේ.

මෙම නෞකාව මේ වන විට කොළඹ වරායට සේන්දුවෙමින් ඇතැයි ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කිරීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව සදහන්ය.

මෙවන් නෞකාවක් මෙතෙක් කොළඹ වරායට ඇතුළුවීමට අවසරය ඉල්ලා නොමැති බව හාබර් මාස්ටර් නිර්මාල්ද සිල්වා මහතා පවසයි. පූර්ව දැනුම්දීමකින් තොරව නිසි අවසරයක් ද නොමැතිව වරායකට හිතුමතේට නෞකාවක් ඇතුළුවීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

ශාක නිරෝධායන සේවය සදහන් කරන්නේ අදාල නෞකාවේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් ඇති බවය.

අදාල බැක්ටීරියා සහිත කාබනික පොහොර සම්බන්ධයෙන් චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් ලංකා පොහොර සමාගම කොළඹ වාණීජ අධිකරණයෙන් වාරණෙ නියෝගයක් ද ලබා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here