Home උණුසුම් පුවත් පාසල් 3000ක් අද ඇරේ

පාසල් 3000ක් අද ඇරේ

පාසල් 3000ක් අද ඇරේ

ළමුන් 200ට අඩු පාසල් 3000ක පමණ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කෙරේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අදියර කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම අද (21) දිනයේ සිට ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක ය.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය යි.

ඉදිරි සති කිහිපය තුළ ක්‍රමානුකූලව දිවයිනේ සෙසු පාසල් ද අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත කෙරුණ ද ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු – විදුහල්පති සංගම් කිහිපයක් අද සහ හෙට (22) දිනයේ වැඩ වර්ජනයක නිරත වී ලබන 25 වන දින සිට පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here