Home උණුසුම් පුවත් කොළඹ කොටුවේ පස්මහල් ගොඩනැගිල්ලක වැසිකිලියෙන් පතොරම් මතුවේ

කොළඹ කොටුවේ පස්මහල් ගොඩනැගිල්ලක වැසිකිලියෙන් පතොරම් මතුවේ

0
කොළඹ කොටුවේ පස්මහල් ගොඩනැගිල්ලක වැසිකිලියෙන් පතොරම් මතුවේ

කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි බ්‍රිස්ටල් ගොඩනැගිල්ලෙහි සිව්වැනි මහලේ වැසිකිලියක සඟවා තිබී අද හමුවූ ජීව පතොරම් තොගයක් හමුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

එම ගොඩනැගිල්ලෙහි සේවයේ නිරතව සිටින සනීපාරක්ෂක සේවකයෙක් විසින් එම පතොරම් පාර්සලය මුලින්ම දැක ඒ බව කොටුව පොලීසියට දැනුම්දී තිබෙන බව පොලිස් තොරතුරු සදහන් කළේය.

පොලිතින් උරයක බහා තිබුණු එම පතොරම් අතර ටී 56 අවි වලට යොදන පතොරම් 176 ක්ද, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 29 ක්ද තිබුණු බව කොටුව පොලීසිය සදහන් කරයි.

සනීපාරක්ෂක සේවකයින් පසුගිය දිනවල කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වැසිකිලි නිසි ලෙස පිරිසිදු කිරීමක් කර නැති අතර අද පූර්ණ පරීක්ෂාවක් කිරීමේදී මෙම පතොරම් හමුවී තිබෙන බව සදහන්ය.

මෙම ගොඩනැගිල්ලෙහි වැඩි වශයෙන් පිහිටා ඇත්තේ වරායේ භාණ්ඩ නිශ්කාශනය කිරීමේ කාර්යාල බවත් නිරතර විශාල පිරිසක් මෙහි ගැවසෙන බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here