Home උණුසුම් පුවත් බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා යන්න සූදානමින් සිටි 65 ක් කොටුවේ

බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා යන්න සූදානමින් සිටි 65 ක් කොටුවේ

0
බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා යන්න සූදානමින්  සිටි 65 ක් කොටුවේ

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට සූදානමින් සිටියේ යැයි කියන පිරිසක් ලැගුම්හලක රැදී සිටියදී අද අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාමල පොලීසිය සදහන් කරයි.

පිරිමින් 63 දෙනෙක්, කාන්තාවක් සහ ගැහැණු දරුවෙක් එසේ අත්අඩංගුවට ගත් අය අතර සිටිති.

මඩකලපුවේ වැසියන් දෙතුන් දෙනෙක් හැරුණු කොට සෙසු සැකකරුවන් උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය, මුලතිව් වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මේ අය මෙම ගමන සදහා ලක්ෂ ගානක් ඡාවාරම්කරුවන්ට ලබාදී ඇති බවත් මේ වන විට එම මුදල් රැස්කරගත් ඡාවාරම්කරුවන් පළාගොස් සැගවී සිටින බවත් එම නිලධාරියා කීය.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට නොහැකිවන ආකාරයට මේ වන විට එරට මුහුදු ආරක්ෂක වලල්ල ශක්තිමත්කර තිබියදී ඡාවාරම්කරුවන් මේ සිදුකර ඇත්තේ ජනතාව මුලාකර අතරමං කිරීමක්දැයි සැකයක්ද පොලීසියට ඇතිවී තිබේ.

පසුගිය 05 වෙනිදා සිට කණ්ඩායම් කිහිපයක් ලෙස මෙම පුද්ගලයින් ත්‍රිකුණාමලයට රැගෙන විත් ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here