Home දේශීය පුවත් 30 වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණය කර අවසන් අවසන් බව සෞඛ්‍ය ඇමති කියයි

30 වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණය කර අවසන් අවසන් බව සෞඛ්‍ය ඇමති කියයි

0
30 වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණය කර අවසන් අවසන් බව සෞඛ්‍ය ඇමති කියයි

වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

මේ වන විට වයස අවුරුදු 12ත් 19 අතර වයස්වල පසුවන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට දිවයින්පුරාම එන්නත්කරණය සිදුවන බව ද සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය. දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නත බවද ඔහු කීය.

කොවැක්ස් පහසුකම් යටතේ මෙරටට ලද ෆයිසර් එන්නත් ලක්ෂ 04 ක් භාර ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පරීශ්‍රයට ඊයේ ගිය අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය අමතමින් ඒ බව සදහන් කළේය. එම අවස්ථාවට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිස්ට් මහත්මියද සහභාගි වි සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here