Home දේශීය පුවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට පූජිත්ට හා හේමසිරිට අධිචෝදනා භාරදෙයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට පූජිත්ට හා හේමසිරිට අධිචෝදනා භාරදෙයි

0
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට පූජිත්ට  හා හේමසිරිට අධිචෝදනා භාරදෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනී සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අද (01) කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණයේදී අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරනු ලැබුවේ එක් විත්තිකරුවෙකුට චෝදනා 864 බැගින් මුලින් චෝදනා ගොනුකර තිබූනද එම චෝදනා සංශෝධනය කරමින් එක් එක් විත්තිකරුවන් වෙනුවෙන් චෝදනා 855 ක් ගොනු කර ඇති බවය. එසේම පැමිණිල්ලේ සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 1,215 දෙනෙකු නම් කර තිබෙන බවද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 22 වැනි දා සිට නොවැම්බර් 29 දක්වා දිනපතා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here