Home දේශීය පුවත් ඉන්දීය විදේශ ලේකම් ලංකාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දීය විදේශ ලේකම් ලංකාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දීය විදේශ ලේකම් ලංකාවේ සංචාරයකට සැරසෙයි

ලබන මස මුලදී ඉන්දියාවේ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

නවදිල්ලියේ නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත මේ බව පවසා ඇත.

මෙම නිල සංචාරය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් සමඟ ඇමරිකාවේ නිව්යෝක් හිදී පසුගිය දා පැවති ජගත් මණ්ඩල සැසියේදී සිදුවූ අතුරු සාකච්ඡාවෙන් දින 10කට පමණ පසු ය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ ෂ්‍රිංග්ලා මහතා දෙරට අතර ප්‍රධාන ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට ඉඩ ඇති බවය.

නමුත්, ඔහුගේ සංචාරයේ තාර්කිකභාවය තවමත් නොදනී යැයිද එහි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here