Home COVID “රට ඇරියත් පළාත් සීමා ඕනෑ” – විශේෂඥ වෛද්‍යවරු

“රට ඇරියත් පළාත් සීමා ඕනෑ” – විශේෂඥ වෛද්‍යවරු

“රට ඇරියත් පළාත් සීමා ඕනෑ” – විශේෂඥ වෛද්‍යවරු

රට විවෘත කළද අන්තර් පළාත්‌ සංචරණ සීමා තවදුරටත්‌ අඛණ්ඩ පවත්වා ගතහොත්‌ එය ඉදිරියේදී යහපත්‌ ආකාරයෙන්‌ බලපානු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ තවමත් වැඩි ඉඩක්‌ පවතී.

අන්තර්‌ පළාත්‌ සංචරණ සීමා ඉවත්‌ කළහොත්‌ කණ්ඩායම්‌ වශයෙන්‌ විනෝදචාරිකා සහ විනෝද ගමන්‌, වන්දනාගමන්‌ ආදී කටයුතුවල නිරත වන බව විශේෂඥ වෛද්‍යවරිය කියාසිටී.

ඒ අනුව පළාත් අතට සංචරණ සීමාව තවදුරටත් පවත්වාගත යුතු බව ඇය අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here