Home දේශීය පුවත් වාහන ආනයනය ගැන තීරණය මේ වසර අග

වාහන ආනයනය ගැන තීරණය මේ වසර අග

වාහන ආනයනය ගැන තීරණය මේ වසර අග

මෙරටට වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් එළැඹෙන දෙසැම්බරයේදී තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

විදේශ විනිමය රැකගත යුතු මේ අවස්ථාවේ වාහන ආනයනය ගැටළුකාරී වන හෙයින් ඒ පිළිබඳව දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වන තුරු වාහන ආනයනය කිරීම සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බවයය.

රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගැනෙන නමුත් ආනයනකරුවන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here