fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPවැරදියට කොණ්ඩය කැපුවාට වන්දිය කෝටි 2ක්

    වැරදියට කොණ්ඩය කැපුවාට වන්දිය කෝටි 2ක්

    වැරදි කොණ්ඩා මෝස්තරයකට හිසකෙස් සැකසූ ඉන්දීය රූපලාවණ්‍යාගාරයකට ඉන්දීය අධිකරණයක් විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකක වන්දියක් ගෙවීමට නියෝග කර තිබේ.

    ඉන්දියාවේ මෝස්තර නිරූපන ශිල්පිණියක් විසින් ගොනුකල නඩුවකට අදාලව මෙම තීරණය ලබා දී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව අදාල නිරූපන ශිල්පිනිය 2018 වර්ෂයේදී නව දිල්ලියෙ සුපිරි හෝටලයක පවත්වාගෙන ගිය රූපලාවණ්‍යාගාරයකට සිය කොණ්ඩය සැකසීමට ගොස් ඇත.

    ස්භාවිකව ඉතා දිගු කොණ්ඩයකට හිමිකම් කියූ අදාල නිරූපන ශිල්පිනියට සිය කෙස් කළඹ හේතුවෙන් හිසකෙස් ආශ්‍රිත නිෂ්පාදන වලට ආදල නිරූපන කටයුතු වලට විශාල ඉල්ලුමක්ද තීබූ බවට ඇය සඳහන් කරයි.

    එහෙත් ඇයගෙ උපදෙස් වලට පටහැනිව සිය කොණ්ඩයේ විශාල කොටසක් හිසකෙස් සැකසුම් ශිල්පියා කපා දමා ඇති බවත් එමගින් තමන්ට සිය රැකියාව සිදුකරගෙන යාමට නොහැකි වූ බව අදාල ශිල්පිණිය චෝදනා කර තිබේ.

    එසේම සිය කොණ්ඩයට වූ හානියෙන් තාමට විශාල මානසික පීඩනයකට මුහුණදීමට සිදුවූ බවත් එබැවින් සිය රැකියාව කරගෙන යාමට නොහැකි වූ බවද ඇය අධිකරණ ඉදිරියේ පවසා ඇත.

    තමන්ගේ උපදෙස් වලට පටහැනිව කොණ්ඩය කපා ඇති බවට අදාල රූපලාවණ්‍යාගාරයකට පැමිණිලි කළද එහිදී නොමිලේ කොණ්ඩය සකසාදීමට එකඟ වුවද එමගින්ද තම කොණ්ඩට හානි වූ බවටද ඇය චෝදනා කරයි.

    මෙම කරුණු සලකාබලා අධිකරණය ඇයට මෙම වන්දි මුදල ලබාදීමට නියමකර ඇත.

    කෙසේවෙතත් අදාල රූපලාවණ්‍යාගාරයකට අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත්කිරීමටද අවස්ථාව ඇති බවට වාර්තා වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.