Home COVID ශ්‍රී ලංකාවෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදයට නමක් ලැබෙයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදයට නමක් ලැබෙයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදයට නමක් ලැබෙයි

ශ්‍රී ලංකාවේදී සොයාගනු ලැබූ ඩෙල්ටා අනු ප්‍රභේදයට නිල වශයෙන් නම් තබා තිබේ.

මෙරට විශේෂඥයන් විසින් වාර්තා කරන ලද ස්පයික් ප්‍රෝටීන් විකෘති 3 (A701S, A222V, A1078S) සහිත එම ඩෙල්ටා ප්‍රභේදය AY.28 හෙවත් B.1.617.2.28 ශ්‍රී ලංකා අනු ප්‍රභේදය ලෙස නම් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායමක් විසින් කළ පර්යේෂනවලට අනුව කළ සොයාගැනීම් පරිදි මෙම නම්තැබීම කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 95%කටත් වඩා පැතිර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි.

ලෝකයේ ද සෙසු ප්‍රභේද ඇත්තේ 1%ක් පමණක් බවත් දැන් මූලිකවම ලොව වෙලාගෙන ඇත්තේ ඩෙල්ටා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here