Home special ගුවන්තොටුපොළට පහරදීමක් ගැන ව්‍යාජ තොරතුර ආවේ ඇමරිකාවෙන්

ගුවන්තොටුපොළට පහරදීමක් ගැන ව්‍යාජ තොරතුර ආවේ ඇමරිකාවෙන්

0
ගුවන්තොටුපොළට පහරදීමක් ගැන ව්‍යාජ තොරතුර  ආවේ ඇමරිකාවෙන්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුල පිපිරීමක් සිදුවන බවට වූ ව්‍යාජ ඊමේල් පණිවුඩය මෙරටට ලැබී ඇත්තේ ඇමරිකාවේ සිට බව මෙතෙක්කර ඇති විමර්ශන වලින් හෙළිවී තිබේ.

බංගලාදේශ යුද හමුදාාවේ විශ්‍රාමික මේජර් වරයෙකුගේ ඊමේල් ගිණුමට අනවසරයෙන්
ඇතුළුවෙමින් එම ව්‍යාජ පණිවුඩය මෙරටට යොමුකර ඇති බවද අනාවරණය වී ඇත.

එම බංගලාදේශ හමුදා නිලධාරියාගේ ඊ මේල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී ඇත්තේ ඇමරිකාවේ සිට බවද හෙළිවී තිබේ.

එසේ බංගලාදේශ හමුදා නිලධාරියාගේ ගිණුමට අනවසරයෙන් ඇතුළුවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොළ තුළ පිපුරුමක් සිදුවීමට නියමිතව ඇතැයි සදහන් ඊ මේල් පණිවුඩය මෙරටට එවා ඇත්තේද ඇමරිකාවේ සිට බවද මේ වන විට තහතහවුරු වී ඇතැැයි ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here