Home දේශීය පුවත් නිව්යොර්ක් ගිය ජනපතිට විශේෂ ආරක්ෂාවක් (📹)

නිව්යොර්ක් ගිය ජනපතිට විශේෂ ආරක්ෂාවක් (📹)

0
නිව්යොර්ක් ගිය ජනපතිට විශේෂ ආරක්ෂාවක් (📹)

හැත්තෑ හය වැනි මහා මණ්ඩල සැසිවාරයට එක්වීම සඳහා අමෙරිකාව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (18) පස්වරු 2.30ට ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් එරටට ළඟා වූහ.

ජනපති ඇතුළු දූත කණ්ඩායමේ සාමාජිකයන්ට එරට දී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය.

අමෙරිකාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසිනි.

“කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් ලබන අඟහරුවාදා (21) එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය පවත්වන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේ දී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ දී සිය අදහස් දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here