Home දේශීය පුවත් කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට

කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට

0
කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාල ලිපිලේඛන භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (13) එම ලිපිලේඛන ගෙනැවිත් භාරදුන් බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

කොමිසම රැස්වී නව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here