Home දේශීය පුවත් උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් – වසර 08 කට පසු ද.අප්‍රිකාවට එරෙහි එක්දින ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් – වසර 08 කට පසු ද.අප්‍රිකාවට එරෙහි එක්දින ජයක්

0
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් – වසර 08 කට පසු ද.අප්‍රිකාවට එරෙහි එක්දින ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රාහනය කිරීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් මෙසේ ජය ගන්නේ වසර 08 කට පසුවය. එසේම ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රාහණය කරන්නේ වසර එකහාමාරකට පමණ පසුවය.

අද පැවැති තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගන්නේ ලකුණු 78 කිනි.
කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 දැවී ලකුණු 203 ක් රැස්කර ගත්තේය.

පිතිකරුවන් අතර අද ලකුණු අතරට පැමිණෙමින් හුදෙකලා සටනක නිරතවූ චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 05 කදී සියළු දෙනා දැවී රැස්කර ගැනීමට සමත්වන්නේ ලකුණු 125 ක් පමණි.

සිය මංගල ක්‍රිකට් තරගයේ මංගල පන්දුවෙන්ම නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඔහු සිය පන්දුවාර 10 තුළදී ලකුණු 37 කට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.

මෙයට පෙර මෙවන් දක්ෂතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ම දක්වා ඇති අතර ඒ අය වන්නේ චරිත් බුද්ධික, කෞෂල්‍ය ලොකුආරච්චි සහ තිලාන් තුෂාර යන ක්‍රීකකයන්ය. ඒ අය පිළිවෙලින් සිම්බාබ්බේට එරෙහිව 2001 වසරේදීද, කෙන්යාවට එරෙහිව 2002 වසරේදීද, බටහිර කොදෙව්වන්ට එරෙහිව 2007 වසරේදීද එම දක්ෂතා පෙන්වා ඇත.

අද තරගයේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමිවූ අතර ඔහු පන්දුවාර 04 කදී දකුණු 16 ක් පමණක් ලබාදෙමින් කඩුලු 02 ක් දවාගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ චරිත් අසලකට හිමි විය.

 

Special Moments

South Africa Tour Of Srilanka - 3rd ODI

Replay the Match

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here