Home COVID අවු.20 ට වැඩි අයට හෙට ඉඳන් දිස්ත්‍රික් 4ක එන්නත්

අවු.20 ට වැඩි අයට හෙට ඉඳන් දිස්ත්‍රික් 4ක එන්නත්

අවු.20 ට වැඩි අයට හෙට ඉඳන් දිස්ත්‍රික් 4ක එන්නත්

අවුරුදු 20ට වැඩි අයට හෙට සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිස්‍ත්‍රික් 4ක සිදුකරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල දිස්ත්‍රික්වල මෙම වයස් ඛාණ්ඩයේ අයට පවතින එන්නත් මධ්‍යස්ථාන තුළම එන්නත ලබාදෙනු ඇත.

මීට අමතරව කොළඹ විහාරමහාදේවි උද්‍යානය, බත්තරමුල්ල දියත උයන හා පනාගොඩ යුද හමුදා කදවුර යන ස්ථානවල එන්නත් මධ්‍යස්ථානවලදී ද ඔවුන් සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here