Home දේශීය පුවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට CIDයෙන් කැඳවීමක්

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට CIDයෙන් කැඳවීමක්

0
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට CIDයෙන් කැඳවීමක්

වෛද්‍ය පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට (31) පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම
රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී සිදුවන බරපතල ගැටළු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් බරපතල අක්‍රමිතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කල ප්‍රකාශයන් සම්බන්දයෙන් ලද පැමිණිල්ලකට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ඹෟෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වැනි ආයතනද දැඩිව දෝෂදර්ශනයට ලක්කරනු ලැබීය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ විවේචනයට ලක්වූ ඹෟෂධ සම්බන්ද රජයේ ආයතනයක වෛද්‍යවරයෙක් විසින් අද පෙරවරුවේ කළ පැමිණිල්ලකට අනුව මෙම එම යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවේදි කියැවුණු කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු බවත් ඒ අනුව වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවූ බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here