
මින් ඉදිරියට යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම් එය නිකුත් කරන්නේ එම පාලන මිල ප්‍රායෝගිකව කරන්නට හැකියාවක් තිබේ නම් පමණක් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරයි.
එය ප්‍රතිපත්තිමය තීරණයක් බවද ඔහු සදහන් කරයි.
රුපියල් 85 ට පැවැති සීනි සම්බන්ධයෙන් වූ පාලන මිල ගැසට්ටුව ඉවත්කරනු ලැබුවේ ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ නිසා බවද ඔහු අවධාරණය කරයි.