Home උණුසුම් පුවත් රාජ්‍ය ඖෂධ රහස් දත්ත වගයක් අභිරහස් ලෙස මැකිලා

රාජ්‍ය ඖෂධ රහස් දත්ත වගයක් අභිරහස් ලෙස මැකිලා

රාජ්‍ය ඖෂධ රහස් දත්ත වගයක් අභිරහස් ලෙස මැකිලා

අංජනා මල්ලවආරච්චි

රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ රහස් දත්ත සමූහයක් අභිරහස් ලෙස මැකී ගොස් ඇතැයි එහි සභාපතිවරයා ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ රහස් දත්ත රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සතුව තිබෙන අතර ඊට පිවිසිය හැකි මුරපද දන්නේ ඖෂධ නියාමන අධිකාරියේ හතර දෙනකු පමණක් බවද එසේ තිබියදී දත්ත මැකී යාම අභිරහසක් බව ද ඖෂධ නියාමන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සතුව ඖෂධ පිළිබඳ තොරතුරුවලට අමතරව රාජ්‍ය බුද්ධි තොරතුරු පවා තිබෙන අතර එතරම් සුරක්ෂිත ස්ථානයක දී දත්ත මැකී යාම ඉතා අභිරහසක් බව ද ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here