Home උණුසුම් පුවත් ඇෆ්ගන් හිටපු ඇමති ජර්මනියේදී බයිසිකලේ ඩිලිවරි යයි

ඇෆ්ගන් හිටපු ඇමති ජර්මනියේදී බයිසිකලේ ඩිලිවරි යයි

ඇෆ්ගන් හිටපු ඇමති ජර්මනියේදී බයිසිකලේ ඩිලිවරි යයි

සෙයිඩ් සදාත් ඇෆ්ගනිස්ථානයේ හිටපු සන්නිවේදන ඇමතිවරයායි.

ඔහු පසුගිය සැප්තැම්බරයේ ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණේ සැපපහසු සුබ අනාගතයක් අපේක්ෂාවෙනි.

ඔහු දැන් ජර්මනියේ ‍පාපැදියෙන් බෙදාහැරීම් කරන නිලධාරියෙක් ලෙස කටයුතු කරයි.

‘කොහොමනමුත් මම මේ කරන දේ ගැන මට ආඩම්බරයි. එහෙම නොවුණානම් මමත් ඩොලර් මිලියන ගණන් උපයන දූෂිත ඇමතිවරයෙක් ලෙස තවදුරටත් කටයුතු කරන්න ඉඩ තිබුණා. මම අනිත් අයටත් කියන්නේ වරදකාරී හැඟීමකින් හැංගිලා ජීවත්වෙනවට වඩා මට නම් මේ ජීවිතේ හරි සැහැල්ලුයි. කලින් මම ජනතාවට සේවය කළා ඇමතිවරයෙක් විදියට දැනුත් මම ජනතාවට සේවය කරනවා බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට. මට නම් දුකක් නෑ මේ ගැන. සාමාන්‍ය ජොබ් එකක් කරගෙන ඉන්න එක හොඳයි වැරදි දෙයක් මත එල්බගෙන ඉන්නවට වඩා.”

ඔහු වසර දෙකක් සන්නිවේදන ඇමතිවරයා ලෙස කටයුතු කොට 2018 දී සේවයෙන් ඉවත්ව තිබුණි.

මුලදී ඔහු නිවැසියන්ගේ දැඩි විවේචනයට ලක්වුවද දැන් ඔවුන් ඇෆ්ගනිස්ථානයේ මතුවූ ත්තත්වය සමග මොහු ගත් තීරණය ගැන සතුටු වන බව ද ඔහු පවසා ඇත.

සදාත්ගේ කතාව මෙලෙස මතුවී ඇත්තේ ඔහුගේ නෑ සිය මිතුරන් ඇතුළු ඇෆ්ගන් ජනතාව කෙසේ හෝ වෙන රටකට පැනයාමට දරන මාරාන්තික සටන හේතුවෙනි.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත් පසුව ඇෆ්ගන් නිලධාරීන්, ජනතාව දහස් ගණනින් රට හැරයමින් සිටී. ඇතැමුන්ට රට හැර යාම ද සිහිනයක් වී ඇත.

https://t.co/BJY6OmEWvv pic.twitter.com/TZWPLBD0C6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here