Home උණුසුම් පුවත් රජයේ වාහනවලින් 5500ක් අබලන් – කැඩුණු ඒවා හදාගෙන භාවිතයට සැරසේ

රජයේ වාහනවලින් 5500ක් අබලන් – කැඩුණු ඒවා හදාගෙන භාවිතයට සැරසේ

රජයේ වාහනවලින් 5500ක් අබලන් – කැඩුණු ඒවා හදාගෙන භාවිතයට සැරසේ

රජයේ ආයතන සතු වාහන අතුරින් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන කඩිනමින්‌ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්‌, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමන්‌ ක්‍රමවේදයක් අනුගමනය කරමින්‌ නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්‌ තීරණය කර තිබේ.

ඒ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම්‌ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්‌ අමාත්‍ය මණ්ඩලයේ අවධානය උදෙසා ඉදිරිපත්‌ කළ කරුණු ඇතුළත් යෝජනාවට සැළකිල්ලට ගෙනය.

දැනට අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත්‌ සහා හා පළාත්‌ පාලන ආයතන සතුව වාහන 89,194ක් පවතී. ඒ අතුරින්‌ වාහන 76,661ක්‌ ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5533ක්‌ ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවති.

ධාවනය කළ හැකි වාහන අතුරින්‌ අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන සතුව වාහන 33931ක්‌ ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 26395ක්‌ ද, පළාත්‌ සභා භා පළාත්‌ පාලන ආයතන සතු වාහන 16,335ක්‌ ද පවතී.

එසේම, රාජ්‍ය ආයතනවල ඡ්‍යෙෂ්ඨ නිලධාරින්‌ 8,500කට පමණ මාසික දීමනාවක්‌ ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර්‌ රථ නිල ප්‍රවාහන පහසුකම්‌ සලසා ගානිම සඳහා භාවිත කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here