Home දේශීය පුවත් ජාතික රෝහලේ සල්ලි කොල්ලකෑ දොස්තර සූදුවට ඇබ්බැහි වෙලා!

ජාතික රෝහලේ සල්ලි කොල්ලකෑ දොස්තර සූදුවට ඇබ්බැහි වෙලා!

0
ජාතික රෝහලේ සල්ලි කොල්ලකෑ දොස්තර සූදුවට ඇබ්බැහි වෙලා!

කොළඹ ජාතික රෝහලේ සේප්පුවක බහා තිබූ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කිසියම් සූදුවකට ඇබ්බැයිවූවෙක් ද යන්න පිළිබද සොයාබැලීමට පොලීසිය විමර්ශන අරඹා තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් ලක්ෂ 60ක් කොල්ලකෑම සිදුවී ඇති අතර මෙම වෛද්‍යවරයා එම රෝහලට අනුයුක්තව සේවය කරන්නෙක් වන බැවින් එම මුදල් කොල්ලකෑම කළේද යන්න පිළිබදව ද පොලීසියට සැක මතුවී තිබේ.

මෙම වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධියට යම් කිසි පුහුණුවකට කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

මොහු පොලීසියට පවසා ඇත්තේ තමන්ට රුපියල් ලක්ෂ 13ක පමණ ණය පියවීමට ඇති බවයි.

කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල ඊයේ දහවල් සැකකරු විසින් පිස්තෝලයක් පෙන්වා මුදල් පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 33 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර තාවකාලිකව කොළඹ කොටා පාර ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

එමෙන් මෙම මුදල් මංකොල්ලය සඳහා තවත් පුද්ගලයින් සම්බන්ධ දැයි සොයා විමර්ශන පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here