Home උණුසුම් පුවත් ඇෆ්ගන් ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පණිවුඩයක්

ඇෆ්ගන් ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පණිවුඩයක්

ඇෆ්ගන් ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පණිවුඩයක්
A Taliban fighter looks on as he stands at the city of Ghazni, Afghanistan August 14, 2021. REUTERS/Stringer NO RESALES. NO ARCHIVES

ඇෆ්ගනිස්ථානයේ වර්තමාන තත්වය සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීමට උත්සහ දරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේ කාර්යාවලියෙහි විදේශ අමාත්‍යාංශය මේ වන විට යෙදී සින බව ය.

හෝටලයක සිට ක්‍රියාත්මක වන කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි දැනට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති අතර, එහි සේවය කරනුයේ එක් දේශීය සේවකයෙක් පමණි.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් තුන් (43) දෙනෙකුගේ විස්තර තානාපති කාර්යාලය සතුව පවතින අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ද (SLBFE) යම් යම් විස්තර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් සේවය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන, නේටෝ හමුදා කඳවුරු සහ පෞද්ගලික සමාගම් සඳහා ය.

මෙම තත්වය තක්සේරු කොට ගෙන ඇති අතර, එම ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කිරීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

තලේබාන් සටන් කාමීන් ඇෆ්ගනිස්ථාන අගනුවර හැර සෙසු සියලු ප්‍රදේශවල බලය මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර අද කාබුල් අගනුවරට ද ළගාවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here