Home දේශීය පුවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට කී අයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට කී අයෙක් අත්අඩංගුවට

0
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට කී අයෙක් අත්අඩංගුවට

මෙරට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් ඇති බවට තොරතුරක් එම මහ කොමසාරිස් කාර්යාලයට ලබාදුන්නේ යැයි කියනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු පියාසර නිලධාරියෙක්ව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරනු ලැබුවේ මෙම පුද්ගලයා ගුවන් හමුදාවෙන් නෙරපා ඇති අයෙක් බවය. මහනුවර හිදගල ස්ථිර පදිංචිකරුවෙක් වන ඔහු පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නෙක් බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් විසින් කොල්ලුපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් ඊයේ සවස 1.00 ට පමණ කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන භාරගෙන කීර්ති රත්නායක නම් වූ එම හිටපු ගුවන් පියාසර නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය යෙදී ඇති බැවින් එදින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩක් ඇති බවට ඔහු විසින් අනුමාන කරමින් මහ කොමසාරිස් කාර්යලයට යම් පණිවිඩයක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් කලබල වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ බලධාරීන් ඒ ගැන සිය රටට දැනුම් අනතුරුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here