fbpx
තවත්
    මුල් පිටුවspecialතෙල් නැතුව -චාජ් නොකර ජීවිත කාලෙටම පදින්න පුළුවන් කාර් එකක්

    තෙල් නැතුව -චාජ් නොකර ජීවිත කාලෙටම පදින්න පුළුවන් කාර් එකක්

    සාමාන්‍යයෙන් මෝටර් රථයක් ධාවනය කිරීම සඳහා ඉන්ධන අවශ්‍ය වුවද මෑතකාලීනව වෙළඳපොළට පැමිණෙන සියලුම මෝටර් රථ වාගේ විදුලියෙන් ධාවනය වන ඒවාය. විදුලි බලයෙන් ධාවනය වන මෙම මෝටර් රථ සඳහා ඉන්ධන සැපයීම අවශ්‍ය නොවූවද ඒවායේ බැටරිය වරින් වර ආරෝපණය කළ යුතුය. නමුත්, ඉන්ධන භාවිතයකින් හෝ නිතර ආරෝපණයකින් – කිසිදු බාහිර බලයකින් තොරව වාහනයේ ජීවිත කාලය පුරාවටම ධාවනය කලහැකි මෝටර් රථයක් පිළිබඳ පුවතක් පසුගියදා විදෙස් පුවත් සේවා මගින් වාර්තා කරන ලදී.

    මෙම මෝටර් රථය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තිය මගින් ධාවනය වන අතර මෙහි බඳ කොටස සූර්ය පැනල මගින් සකස් කර ඇත. කුඩා සූර්ය පැනල කොටස් කිහිපයකින් සමන්විත මෙම මෝටර් රථය සඳහා භාවිතා කරන ලද සූර්ය පැනලයක ඝනකම මිලිමීටර 0.03ක් වන ඉතාම සියුම් ලෙස නිර්මාණය කර ඇති බැවින් මෝටර් රථයේ බඳ කොටස අලංකාර ලෙස වක්‍රව සකස් කිරීමටද පර්යේෂකයන් සමත්වී ඇත. මෙහි ඇති සිත්ගන්නා සුළු නිමාව නිසා මෙම නිර්මාණයට අනාගතයේදී හොඳ ඉල්ලුමක්ද ඇතිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙති.

    ලෝ ප්‍රකට ටොයෝටා මෝටර් රථ සමාගම, ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයෙහිලා ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන ෂාප් සමාගම සමග ජපානයේ ම NEDO පර්යේෂණ ආයතනය එක්ව මෙම මෝටර් රථය නිර්මාණ හා පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනු ලබයි.

    වඩාත් කාර්යක්ෂම සූර්ය පැනල සහ කාර්යක්ෂම බලශක්තිය ගබඩා කර තැබීම සඳහා භාවිතා කරන බැටරි මගින් මෙය තවදුරටත් වර්ධනය කිරීමෙන්, බාහිර බලයකින් තොරව වාහනයේ ජීවිත කාලය පුරාවටම ධාවනය කලහැකි පරිදි මෙම මෝටර් රථය වැඩි දියුණු කර වෙළඳපොළට ඉදිරිපත් කිරීම පර්යේෂකයන්ගේ ඒකායන බලාපොරොත්තුවයි.

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.