Home උණුසුම් පුවත් ගුරු – විදුහල්පතිවරුන්ගෙන් අන්තර්ජාල පෙත්සමක්

ගුරු – විදුහල්පතිවරුන්ගෙන් අන්තර්ජාල පෙත්සමක්

0
ගුරු – විදුහල්පතිවරුන්ගෙන් අන්තර්ජාල පෙත්සමක්

වැටුුප් විෂමතාවක් මුල් කරගනිමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් දියත්කරමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින්ද ඈත්ව සිටීමට ගුරුවරුන් මෙහෙයවන ගුරු සහ විදුහල්පති සංගම් දැන් අන්තර් ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන්කරන්නට තීරණය කර ඇත්තේ සිය විිරෝධය අලුත් මාවතකට රැගෙන යමිනි.

ඒ වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට රජයට ඒ ඔස්සේ බලකරමිනි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරනුයේ අද (14) සිට අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීමේ කටයුතු ආරම්භකරන බවය. එසේම සිය ඉල්ලීම් ඉටුවන තුරු දැනට ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යන බව ද ඔහු පවසයි.

මෙසේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබන්නේ කොවිඩ් වසංගත තත්වය හමුවේ ගුරුවරුන් ඒකරාශිකර ගැනීම අවධානම් බැවින් යැයිද ස්ටාලින් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here