Home උණුසුම් පුවත් 225 වාඩිවෙන්න 7452ක් තරග බිමේ

225 වාඩිවෙන්න 7452ක් තරග බිමේ

225 වාඩිවෙන්න 7452ක් තරග බිමේ

මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක අද (09) ගැසට් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

මෙවර මහා මැතිවරණයට අපේක්ෂකයන් 7452 දෙනෙක් ඉදිරිපත් ව සිටින බව ද ඔහු සදහන් කළේය. ඒ අයගෙන් අපේක්ෂකයන් 3652 දෙනෙක් දේශපාලාන පක්ෂ නියෝජනය කරමින්ද අපේක්ෂකයන් 3800 දෙනෙක් ස්වාධිනවද මැතිවරණයට ඉදිරිපත් වන බව සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

සෞඛ්‍ය සේවකයින්ටද මෙවර තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් හෙට (10) දිනයේ ඒ අයගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම් අවසන් වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here