Home දේශීය පුවත් ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

0
ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද අවසර දී තිබේ.

මෙතෙක් රුපියල් 1493 ක්ව පැවැති 12.5 ක ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඒ අනුව රුපියල් 1,856 ක් දක්වා ඉහළ යනු ඇත.

මෙම මිල වැඩිවීමට සමගාමීව රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ වන විට මෙහෙයුම් කටයුතු නතරකර ඇති ලාෆ් ගෑස් සමාගම මෙම මිල වැඩිවීමත් සමග නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මිල වැඩිවීම ලාෆ් ගෑස් සදහා පමණක් බලපාන බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here