Home උණුසුම් පුවත් මිහිපිට ජීවය ඇතිවුණේ උල්කා සාගරයට වැටීමෙන් – නවතම හෙළිදරව්වක්

මිහිපිට ජීවය ඇතිවුණේ උල්කා සාගරයට වැටීමෙන් – නවතම හෙළිදරව්වක්

මිහිපිට ජීවය ඇතිවුණේ උල්කා සාගරයට වැටීමෙන් – නවතම හෙළිදරව්වක්

ග‍්‍රහක සාගරයට කඩා වැටීම මඟින් මිහිපිට ජීවය ඇතිවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිර්මාණය කිරීමට උපකාරී වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

විවිධ ද්‍රව්‍ය එකට ගෙන ගුවනින් විදීම මගින් ඔවුන් සොයාගෙන ඇත්තේ උල්කාපාත ජලයට කඩා වැටෙන විට ඇමයිනෝ අම්ල සෑදෙන බව ය.

පෘථිවිය තුළ ජීවය සෑදීමට එම අණු උපකාරී වූවා මෙන්ම අඟහරු ග්‍රහයා මතට ද එය ​​ගෙන යාමට ඉවහල් වූ බව පර්යේෂකයෝ පවසති.

විද්‍යාඥයින් විසින් පෘථිවි ජීවීන්ගේ ජීවයේ පදනම බිහිවීම පිළිබඳ පැහැදිලි කිරීම් දෙකක් යෝජනා කර ඇත.

එක්කෝ එය පිටසක්වළක බිහිවී උල්කාපාත මගින් මෙහි ගෙන ආ ජීවයක් බවට නැතහොත්, උල්කාපාත මෙහි වැටීමෙන් පසුව පෘථිවිය මත ජීවය බිහිවන්නට ඇති බව ය.

නව සොයාගැනීම සිදු කර ඇත්තේ පර්යේෂණ හා අධ්‍යයන සිදු කළ ජපන් ආයතන ගණනාවක විද්‍යාඥයින් විසිනි.

රසායනාගාරයක ගුවන් විදිනයක් භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ජලය සහ යකඩ එකට විදීමෙන් උල්කාපාතයක් සාගරයට කඩා වැටෙන විට සිදුවිය හැකි ප්‍රතික්‍රියා පර්යේෂකයන් විසින් අත්හදා බලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here