Home උණුසුම් පුවත් මීළඟ අයවැයෙන් ගුරු වැටුප් විෂමතා ඉවතට

මීළඟ අයවැයෙන් ගුරු වැටුප් විෂමතා ඉවතට

මීළඟ අයවැයෙන් ගුරු වැටුප් විෂමතා ඉවතට

සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා එළඹෙන අයවැයේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව දීර්ගකාලීන ගැටළුවක් බවත් මේ අවස්ථාවේ සමාන්තර සේවා ගැන සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගුරු විදුහල්පති ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අවංක වුවමනාවක් රජය සතු බව පැවසූ අමාත්‍යවරයා, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයද ගුරුවරුන්ගේ වැටුප් ඉහළ නැංවිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here