Home උණුසුම් පුවත් ඉෂාලිනීගේ කාමරයේ බිත්තියක තිබූ “මගේ මරණයට හේතුව” ගැන පරීක්ෂණයක්

ඉෂාලිනීගේ කාමරයේ බිත්තියක තිබූ “මගේ මරණයට හේතුව” ගැන පරීක්ෂණයක්

0
ඉෂාලිනීගේ කාමරයේ බිත්තියක තිබූ “මගේ මරණයට හේතුව” ගැන පරීක්ෂණයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී ගිනි ගැනීමකින් මිය ගිය ඉෂාලිනී රැඳීසිටි කාමරයේ බිත්තියක සටහන්කර තිබී සොයාගත් "මගේ මරණයට හේතුව"

යනුවෙන් සදහන් වැකිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පරීක්ෂකයන් යොදා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

ඒ එම සටහන ගිනි ගැනීමකින් මිය ගිය ඉෂාලිනී විසින් තැබූවක්දැයි තහවුරුකර ගැනීමටය. ඒ සදහා මිය ගිය මෙහෙකාරියගේ පාසල් ගිය සමයේදී භාවිතා කළබව සදහන් පොත් කිහිපයක්ද අත්අකුරු පරීක්ෂකට යොමුකර තිබේ.

එම සටහන තබා ඇත්තේ ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here