Home උණුසුම් පුවත් පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඉපැරැණි සොයිසා බිල්ඩිම කඩාදැමීමේ කුමන්ත්‍රණයක්

පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඉපැරැණි සොයිසා බිල්ඩිම කඩාදැමීමේ කුමන්ත්‍රණයක්

පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඉපැරැණි සොයිසා බිල්ඩිම කඩාදැමීමේ කුමන්ත්‍රණයක්

අංජනා මල්ලවාරච්චි

කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් වන සොයිසා ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට යම් පිරිසක් කුමන්ත්‍රණය කරන බවට එහි පදිංචිකරුවෝ සහ ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉදිකරන ලද බව කියන මෙම ගොඩනැගිල්ල වසර 160ක් පමණ පැරණි අතර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබේ.

මෙම ගොඩනැගිල්ල කොටසක් ඉකුත්දා කඩා වැටුණු අතර එම ගොඩනැගිල්ලම කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තද පදිංචිකරුවන්ගේ විරෝධය මත එය නතර කර තිබිණ.

කෙසේ වෙතත් කිසියම් පිරිසක් එම ගොඩනැගිල්ලට විවිධ හානි කරමින් සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට උත්සාහයක යෙදෙන බවට පදිංචිකරුවෝ චෝදනා කරති.

දානපති හෙන්රි ද සොයිසා මහතා විසින් බ්‍රිතාන්‍ය යුගයේදී එම ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර අඩසඳ ආකාරයටත් බ්‍රිතාන්‍ය යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් නිර්මාණයක් ලෙසත් එම ගොඩනැඟිල්ල ගොඩනැගිල්ල හඳුන්වනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here