Home දේශීය පුවත් ලක්ෂ 600 ක කුඩු සල්ලි හුවමාරුවූ ගිණුම් හිමි කතක් අත්අඩංගුවට

ලක්ෂ 600 ක කුඩු සල්ලි හුවමාරුවූ ගිණුම් හිමි කතක් අත්අඩංගුවට

0
ලක්ෂ 600 ක කුඩු සල්ලි හුවමාරුවූ ගිණුම් හිමි කතක් අත්අඩංගුවට

මත්කුඩු ඡාවාරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 600 කට අධික මුදලක් හුවමාරු කළ බැංකු ගිණුම් පහක් පවත්වාගෙන ගිය කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 41 වැනි වියේ පසුවන්නියකි. මෙම මුදල් හුවමාරුවී ඇත්තේ පසුගිය වසර 04 ක කාලය පුරාය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි විමර්ශන ඒකකයට මෙම ගිණුම් 05 සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුව විමර්ශන සිදුව ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ එම ගිණුමට මුදල් බැර වෙන්නේ සුළු පරිමාණයෙන් මත්ක්ඩු ජාවාරමේ නිරත වන්නන්ගෙන් බවය. අනතුරුව එම මුදල් ඇය විසින් ඉවත්කරගනිමින් වෙනත් ගිණුමකට මාරුකරන බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. එසේ ඇය මුදල් බැරකරන්නේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් වෙනුවෙන් බවටද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම ජාවාරම්කරු හදුනා ගැනීමට මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් ඉදිරියේදී ඔහු කවුරුන්දැයි මාධ්‍යට සදහන් කිරීමට හැකිවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මුදල් විශුද්ධිකරණය යටතේ ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here