Home COVID දෙවන මාත්‍රාව නැතිව සිටි අයගේ එන්නත් තොගය සෙනසුරාදා එයි

දෙවන මාත්‍රාව නැතිව සිටි අයගේ එන්නත් තොගය සෙනසුරාදා එයි

දෙවන මාත්‍රාව නැතිව සිටි අයගේ එන්නත් තොගය සෙනසුරාදා එයි

මෙරට තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන සිටි අය සඳහා වන දෙවන මාත්‍රා තොගය ලබන සෙනසුරාදා දිවයිනට ලැබීමට නියමිතය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක ‍තොගයක් අපේක්ෂා කෙරේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 490,000 දෙනාට දෙවන මාත්‍රාව ලබා දීමට මෙම තොගයෙන් ප්‍රමුඛතාවය දෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම යටතේ මෙම AstraZeneca එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here