Home උණුසුම් පුවත් VIPලාගේ නම් විකුණා ව්‍යාපාරිකයන් රවටන කණ්ඩායමක් ගැන CID විමර්ශනයක්

VIPලාගේ නම් විකුණා ව්‍යාපාරිකයන් රවටන කණ්ඩායමක් ගැන CID විමර්ශනයක්

VIPලාගේ නම් විකුණා ව්‍යාපාරිකයන් රවටන කණ්ඩායමක් ගැන CID විමර්ශනයක්

අංජනා මල්ලවාරච්චි

කොළඹ තරු පහේ හෝටල්වල නවාතැන් ගනිමින් මැති ඇමතිවරුන්ගේ සහ රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ නම් අවභාවිතා කරමින් ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර බව කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විදේශ රටවලින් විවිධ භාණ්ඩ ආනයනය කර දෙන බවට පවසමින් එම පිරිස ව්‍යාපාරිකයන් රවටා මුදල් ලබා ගෙන ඇතැයි ද ව්‍යාපාරිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

රජයේ මැති ඇමැතිවරුන් සමඟ එකට ඡායාරූප පෙන්වමින් හා ඉහළ නිලධාරීන් සමග සමීප බවට පවසමින් විවිධ සහන සලසා මෙරටට භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන බව පවසමින් මෙම ව්‍යාපාරිකයින් පිරිසගෙන් මුදල් ලබාගෙන ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අඟුලාන ලක්ෂපතියේ පදිංචි කාන්තාවක් ඇතුළු පිරිසක් මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ වී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මෙම වංචාව සිදුකර ඇතැයිද ව්‍යාපාරිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here