Home උණුසුම් පුවත් කැපිටල් මහරාජා හි සභාපති රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා හි සභාපති රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා හි සභාපති රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වී ඇත.

සති දෙකකට ආසන්න කාලයක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී වකුගඩු ආබාධයක් මතුවීමෙන් ඔහු මියගිය බව වාර්තා වේ.

මියයන විට ඔහු 79 වැනි වියෙහි පසුවිය.

සිරස මාධ්‍ය ජාලය අයත් ගුවන්විදුලි හා රූපවාහිනී නාළිකා 8ක් අයත් MTVහා MBC මාධ්‍ය ජාලය, වාරිමාර්ග ව්‍යාපෘතිවලට අදාළ නිෂ්පාදන සහ ජලනළ නිෂ්පාදන ව්‍යාපාර සහ නවසීලන්ත කිරි නිෂ්පාදන ෆොන්ටේරා අනුබද්ධ ව්‍යාපාර සහ ආහාර නිෂ්පාදන, ආදී පුළුල් වපසරියක විහිදුණු සමාගම් ගණනාවක්, වසර 90ක් තිස්සේ ක්‍රියාත්මක කැපිටල් මහාරාජා සමූහයට අයත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here