Home උණුසුම් පුවත් ගුරු සංගම් 30ක් හෙට කොළඹදී විරෝධතාවේ

ගුරු සංගම් 30ක් හෙට කොළඹදී විරෝධතාවේ

ගුරු සංගම් 30ක් හෙට කොළඹදී විරෝධතාවේ

අංජනා මල්ලවාරච්චි

ගුරු හා විදුහල්පති වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් තිහකට අධික සංඛ්‍යාවක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හෙට කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත් වේ.

වැටුප් විෂමතාව ඉවත් කිරීම, ගුරු වෘත්තිය සංවෘත සේවාවක් කරන්නැයි බලකරමින් එම විරෝධතාව පැවැත්වෙන බව ගුරු හා විදුහල්පති සංකා සංගම් නායකයෝ කියති.

ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයන් හෙට පෙරවරු 10ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී එම ස්ථානයේ විරෝධතාවක් පවත්වා ඉන් පසු විවෘත පාගමනකින් විහාර මහා දේවී උද්‍යානය අසලට රැස් වන බවද එහිදී දැවැන්ත උද්ඝෝෂණයකට නිරත වන බව ද ගුරු සංගම් නායකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here