Home උණුසුම් පුවත් උදය ගම්මන්පිළ දිනයි – විශ්වාසභංගය පරාද වෙයි

උදය ගම්මන්පිළ දිනයි – විශ්වාසභංගය පරාද වෙයි

උදය ගම්මන්පිළ දිනයි – විශ්වාසභංගය පරාද වෙයි

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත්වී තිබේ.

පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් ලැබී තිබුණි.

විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 152 කි.

මේ අනුව තුනෙන් දෙකක බහුතරයෙන් විශ්වාසභංගය පරාජයට පත්වී ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබු සංශෝධනය අද පෙරවරුවේ ප්‍රතික්ෂේප වී තිබුණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here