Home උණුසුම් පුවත් සංවර්ධන නිලධාරීන් අද සිට රට පුරා උද්ඝ‍ෝෂණයේ

සංවර්ධන නිලධාරීන් අද සිට රට පුරා උද්ඝ‍ෝෂණයේ

සංවර්ධන නිලධාරීන් අද සිට රට පුරා උද්ඝ‍ෝෂණයේ

අංජනා මල්ලවාරච්චි

රාජ්‍ය හා පලාත් රාජ්‍ය සංවර්ධන නිලධාරීන්ට බලපාන වෘත්තියමය ගැටලූවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් අද දහවල් සිට රටපුරා දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.

රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවයේ නිරත ලක්ෂයක් පමණ වන සංවර්ධන නිලධාරීන්ට බලපාන ගැටලුවලට විසඳුම් දී නොමැති බැවින් එම උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවද සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

මුල්ම උද්ඝෝෂණය දහවල් 12ට කුරුණෑගල නගර මධ්‍යයේදී සිදුකරන බව සූරියාරච්චි මහතා කීය.

හෙට දවල් 12ට බදුල්ල නගරයේ ද ජුලි මස 27 වැනි දින රත්නපුර නගරයේත් ජූලි 28 වෙනි දින දහවල් 12 ට අනුරාධපුර නගරයේත් එම උද්ඝෝෂණ මාලාව පැවැත්වෙන බවද ඔහු කීය.

අත්‍යවශ්‍ය සේවාවල නිරත සංවර්ධන නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා ගැනීම, උසස්වීම් පටිපාටියක් ලබා ලබාගැනීම, වැටුප් විෂමතා ඉවත් කර ගැනීම, ව්‍යවස්ථාපිත උපාධිධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ දමා ගැනීම, ආදි ගැටලු කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණ මාලාව පැවැත්වෙන බවද චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here