Home දේශීය පුවත් සංචරණ සීමා අද සිට තවත් ලිහිල් කෙරේ

සංචරණ සීමා අද සිට තවත් ලිහිල් කෙරේ

0
සංචරණ සීමා අද සිට තවත් ලිහිල් කෙරේ

මෙතෙක් පැවැති සංචරණ සීමාවන් තවදුරටත් අද සිට ලිහිල් කරමින් ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිව ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කරනු කරන බව එහි සදහන්ය.

සත්වෝද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන යන ක්ෂේත්‍ර සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කිරීමට අවසර හිමිව ඇත.

ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා අවසර ලබාදී ඇත්තේ සීමාවන්ට යටත්වය.

එහෙත් එළිමහන් සංගීත සංදර්ශන සහ සැණකෙළි සඳහා තවදුරටත් අවසර ලබාදී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here