Home COVID පළමු වරට එකවර කොවිඩ් ප්‍රභේද 2ක් ආසාදිත අයකු බෙල්ජියමෙන්

පළමු වරට එකවර කොවිඩ් ප්‍රභේද 2ක් ආසාදිත අයකු බෙල්ජියමෙන්

පළමු වරට එකවර කොවිඩ් ප්‍රභේද 2ක් ආසාදිත අයකු බෙල්ජියමෙන්

එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වී 90 වියැති කාන්තාවක් මියගිය පුවතක් බෙල්ජියමෙන් වාර්තා වේ.

ඉකුත් මාර්තු මාසයේදී මරණයට පත් බෙල්ජියම් ජාතික එම කාන්තාවකට එකවර බ්‍රිතාන්‍යයේ ඇල්ෆා සහ දකුණු අප්‍රිකාවේ බීටා කොවිඩ් ප්‍රභේද ද්විත්වය වැලඳී තිබු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇය කොවිඩ් එන්නතක් ලබානොගත් අයෙක් වන අතර තම නිවස තුළ තනිව වාසය කළ සාත්තු සේවා ලබමින් සිටි කාන්තාවකි. ඇයට සාත්තු සේවාවට හෝ සහය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් වෛරස ප්‍රභේද ද්විත්වය ආසාදනය වන්නට ඇති බවට අනුමාන කෙරේ.

කෙසේවෙතත් ඇයගේ ඔක්සිජන් මට්ටම හොඳ තත්ත්වයක තිබු බව ද පැවසේ. එහෙත් රෝහල්ගත කොට දින 5ක් තුළ ඇය මියගොස් ඇත.

එකවර පුද්ගලයෙකුට කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් ආසාදනයවීම අතිශය විරල බවත් මෙලෙස කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් එකම අයකුට එකවර වැළදූණු පළමු අවස්ථාව මෙය බවත් සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

පසුගිය ජනවාරියේදී ද පුද්ගලයන් දෙදෙනකුට වෛරස ප්‍රභේද දෙකක් වැළඳී ඇති බවට වන වාර්තාවක් බ්‍රසීලයේ විද්‍යාඥයෝ අධ්‍යයනයකදී අනාවරණය කර තිබුණි. එහෙත් එම අධ්‍යයන වාර්තාව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here