Home උණුසුම් පුවත් රාගම රෝහලේ සැරිසරා නොමනා වීඩියෝ ගත් කොළඹ ජාතික රෝහලේ දොස්තර අල්ලයි

රාගම රෝහලේ සැරිසරා නොමනා වීඩියෝ ගත් කොළඹ ජාතික රෝහලේ දොස්තර අල්ලයි

0
රාගම රෝහලේ සැරිසරා නොමනා වීඩියෝ ගත් කොළඹ ජාතික රෝහලේ දොස්තර අල්ලයි

රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ විවේකාගාරයේ සැගවී සිට වෛද්‍යවරියන් ඇදුම් මාරුකරන අයුරු වීඩියෝගත කළ වෛවද්‍යවරයෙක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් අල්ලා ඊයේ රාගම පොලීසියට භාරදී ඇත.

කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරයෙක් වන ඔහු කල්මුණේ පදිංචිකරුවෙක් බව රාගම පොලීසිය සදහන් කරයි.

මෙම සැකකාර වෛද්‍යවරයා ඊයේ පෙරවරුවේ රාගම රෝහලට පැමිණ ඇති බව අනාවරණය වී ඇත. කලක් ඔහු රාගම රෝහලේද සේවය කර ඇති බැවින් රෝහල් පරීශ්‍රය ගැන අවබෝධයක් තිබී ඇති බවත් ඒ අනුව ඔහු වෛද්‍යවරියන්ගේ විවේකාගාරයට ගොස් සැඟවී මේ ක්‍රියාවේ නිරතව සිට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගියේ යැයි උසස් පොලිස් නිිලධාරියෙක් සදහන් කළේය. මෙම වෛද්‍යවරයා අවුරුදු 35 ක පමණ අයෙක් බවද පොලීසිය කියයි.

තමා රාගම රෝහලට පැමිණියේ පෙම්වතිය මුණ ගැසීමට බව සැකකරු පවසා ඇත. ඇය වෛද්‍යවරියක් බවද සදහන් කර තිබේ. එහෙත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එවන් පෙම්වතියක් එම රෝහලේ නොමැති බවත් ෆේස්බුක් මගින් ඔහු වෛද්‍යවරියක් සමග අදහස් හුවමාරුකර ගැනීමක් පමණක් සිදුවී ඇති බවකි.

මෙම වෛද්‍යවරයාගේ ජංගම දුරකතයේ පටිගතව තිබී වෛද්‍යවරියන් ඇදුම් මාරුකරන දර්ශන ද පොලීසියට හමුවී ඇත. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here