තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධික වැසි සුළං නිසා 5000ක් ආපදාවට - 2ක් මරුට - 3ක් අතුරුදන්

    අධික වැසි සුළං නිසා 5000ක් ආපදාවට – 2ක් මරුට – 3ක් අතුරුදන්

    දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 2 නෙකු මියගොස් 3 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    පුද්ගලයන් 5,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24 කට අයත් පවුල් 1,403 ක පුද්ගලයින් 5,777 ක් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක පවුල් 16 කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු රැඳීසිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ අවට ජනතාව විමසිලිවත් ව පසුව යන්නයි ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    පවතින වැසි සහිත තත්ත්වය සබරගමුව , මධ්‍යම වයඹ බස්නාහිර දකුණු පලාත්වල තවදුරටත් අපේක්ෂා කරයි.

    ඊයේ රාත්‍රියේදී දිස්ත්‍රික් 5කට අනතුරු ඇඟ වූ නාය යාම් තත්ත්වය අද දිනයේ ද බලපාන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img