තවත්
    මුල් පිටුවCOVIDලොව රටවල් 5කට පමණක් ලැබෙන WHO කොවිඩ් පර්යේෂණ ප්‍රදානයක් ජ'පුර වෛද්‍ය පීඨයට

    ලොව රටවල් 5කට පමණක් ලැබෙන WHO කොවිඩ් පර්යේෂණ ප්‍රදානයක් ජ’පුර වෛද්‍ය පීඨයට

    COVID හඳුනා ගැනීමේ Rapid Antigen පරීක්ශණ සදහා අමෙරිකානු ඩොලර් ලක්ෂ2ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ ආධාරය ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ රටවල් 5ක් අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යෝජනාව මගින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් SARS-CoV-2 Ag-RDT අධීක්ෂණය කිරීම සඳහා ප්‍රොටෝකෝලයක් නිර්මාණය කර 2020 දෙසැම්බර් මාසයේදී යෝජනා ඉදිරිපත් කරන ලෙස රටවල්වලින් කැඳවා තිබුණි. එය තරගකාරි ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබයි.

    ඒ අනුව වෛද්‍ය චන්දිම ජීවන්දර සහ මහාචාර්ය නීලිකා මලවිගේගේ නායකත්වය යටතේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය (AICBU) සහයෝගිතාකරුවෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හවුල්කාරිත්වයෙන් යුතුව ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

    තරඟකාරී ලෙස මෙම යෝජනා සළකා බැලීමේ ක්‍රියාවලියකින් පසුව ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් තෝරාගෙන ඇත. ඒ අනුව AICBU විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා අරමුදල් ලබා ගැනීමට සමත් වූ අතර මෙම යෝජනා ක්‍රමය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තෝරාගත් රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්විය.

    මෙම ප්‍රදානය ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩොලර් 199,999 ක උපරිමයකට යටත්ව වෛද්‍ය පීඨයේ පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් අරමුදල් සපයනු ඇත. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද Ag-RDT 200,000 ක් දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂණ සඳහා අවශ්‍ය වන්නේ ඇන්ටිජන් කට්ටල ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඉතිරි විශාල ප්‍රමාණයයක ඇන්ටිජන් කට්ටල රෝහල්වලට ලබන සතියේදී ලබාදීමට කටයුතු කරන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img