Home COVID පියවරෙන් පියවර පාසල් අරින්න සැලසුම්

පියවරෙන් පියවර පාසල් අරින්න සැලසුම්

පියවරෙන් පියවර පාසල් අරින්න සැලසුම්

අංජනා මල්ලවාරච්චි

ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමෙන් පසුව රට පුරා පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නිසිපරිදි සිදු කළ නොහැකි බව ද ලේකම්වරයා කීය.

සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරෙන් පියවරට පාසල් විවෘත කිරීමට කඩිනම් පියවර ගන්නා බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

දරුවන් නිවෙස්වලට කොටු කර තැබිය යුතු නොවන අතර අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර ක්රියාකාරකම සිදු කළ යුතු බවද ඒ සඳහා පාසල් විවෘත විය යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here